මාතර ප්‍රධාන මාර්ග 3ක් කඩිනමින් සංවර්ධනයට

Report

දිවයිනේ ජාතික මහාමාර්ග පද්ධතිය තිරසර සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කය තුළ ප්‍රමුඛතා අවශ්‍යතාව මත තෝරාගත් ප්‍රධාන මාර්ග 03 ක් සංවර්ධනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින ‘මගනැගුම මහමැදුර’ අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ වැලිගම – තෙලිජ්ජවිල මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම, මාතර කුමාරතුංග මාවත (පරණ ගාලු පාර) පුළුල් කර සංවර්ධනය කිරීම සහ කඹුරුගමුව සිට නූපේ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය මංතීරු 04 ක් දක්වා වැඩිදියුණු කර සංවර්ධනය කිරීම සිදු කෙරෙනවා.

ඉරාක–සිරියා දේශසීමා දොරටුව යළි විවෘතයි

ඉරාක–සිරියා දේශසීමා දොරටුව යළි විවෘතයි

2003 වසරේ සිට කිසිදු විධිමත් සංවර්ධනයකට ලක්නොවූ ඉහත මාර්ග, වැඩිවන වාහන ධාරිතාවට සහ ගමනාගමන අවශ්‍යතාවන්ට සරිලන පරිදි වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එබැවින් ඊට අනුරූපී වන පහසුකම් වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීමට නියමිතයි.

සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් 2026 වසර තුළ සම්පූර්ණ වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අත්පත් කරගැනීමටත් ඒ වෙනුවෙන් වත්මන් වෙළඳපොල වටිනාකම් මත වන්දි මුදල් විධිමත්ව ප්‍රදානය කිරීමටත් තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු සහ විධායක ඉංජිනේරු කාර්යාලවල අධීක්ෂණයෙන් ව්‍යාපෘති සිදු කිරීමට‌ නියමිතයි.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, වැලිගම නගරාධිපති මොහොමඩ් අෆ්රාස්, මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් සරසි ගුණසේකර, අධ්‍යක්ෂ (සැලසුම්) බණ්ඩාර රත්නායක, මාර්ග සංවර්ධන අධිකාරි‌යේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. කේ. අබේධීර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ඉදිකිරීම්) එම්. කේ. අරම්පොල, ප්‍රධාන ඉංජිනේරු (මාතර) සී. ආර්. වික්‍රමනායක යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක්

මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක්