ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නෑ..සුරාබදු දෙපාර්තමේන්තුවට ජනපතිගෙන් උපදෙස් ..

Anura Kumara Dissanayaka Sri Lanka President of Sri lanka Excise Department of Sri Lanka
By Piyumika Dec 05, 2024 12:50 PM GMT
Piyumika

Piyumika

Report

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇත. තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත්, සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් සුරාබදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා පවසා තිබේ.

සුන්දර ඇල්ල බියෙන් සලිත කල අංක 42කේ අහිරහස...

සුන්දර ඇල්ල බියෙන් සලිත කල අංක 42කේ අහිරහස...

එමෙන්ම නිසි වේලාවට බදු අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත්, සුරාබදු අයකර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳවත් මෙහිදී අවධානය යොමුකර ඇත.

ඒ අනුව අයවිය යුතු බදු ප්‍රමාණය අයකර ගැනීම, අසාදුගත ආයතන මෙන්ම බදු අයකර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව දෙපාර්ශ්වය පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

බදු අයකර ගැනීමේදී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව බදු අයකර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳ ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර තිබේ.

මෙච්චර කල් කුලී මුදල් ගත්ත අයට තට්ටු වෙන්නයි යන්නේ..

මෙච්චර කල් කුලී මුදල් ගත්ත අයට තට්ටු වෙන්නයි යන්නේ..

සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා නිලධාරීන්ට පවසා ඇත්තේ රටේ ආර්ථිකයට හිතකර ලෙස එම ආයතන පවත්වාගෙන යා යුතු බවයි.

මේ අතර නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති අතර, කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදුවන හානිය සම්බන්ධව ද අවධානය යොමුකර ඇත.

සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්. වී. එස්. තිස්ස කුමාර, සහකාර සුරාබදු කොමසාරිස් එම්. ජේ. ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී. ඒ. චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්. ආර්. පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

You may like this video

ReeCha