මහ පාරේ මේ විදිහට ගියොත් ඔයාටත් රජයෙන් වටිනා තෑග්ගක්

Report

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026 යටතේ හඳුනාගත් 'මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026' ජාතික මට්ටමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන ඇතුළු පාර්ශ්ව දක්වන සුවිශේෂී දායකත්වය ජාතික මට්ටමින් ඇගයීමට ලක්කිරීමත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ සමාජ අවධානය, වගකීම් සහගත හැසිරීම සහ මහජන සහභාගිත්වය ඉහළ නැංවීමත් මෙහි ප්‍රධාන අරමුණයි.

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

මෙවර පැවැත්වෙන සමාරම්භක සම්මාන උළෙලෙන් අනතුරුව, ඉදිරි වසරවලදී නොවැම්බර් මස 03 වන දිනට යෙදෙන මාර්ග අනතුරු වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇත.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, තෝරාගන්නා සම්මානලාභීන් වෙත කුසලතා සම්මාන සහ ජනාධිපති සම්මාන පිරිනැමීමට නියමිතය.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්