වහාම ක්‍රියාත්මක වන පරිදි 17,18 යන දිනවල මේ රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයක
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එක්ව එළඹෙන සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්තනෝමතික පරිපාලන තීරණ හේතුවෙන් දුම්රිය සේවය දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්, එමගින් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බවත් වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
එමෙන්ම, පවතින පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමට පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරන වෘත්තීය සමිති, ඊට විරෝධය පළකිරීම සඳහා මෙලෙස සියලු වෘත්තීය සමිති එකාබද්ධව පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව වැඩිදුරටත් සඳහන් කරයි.