සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම, බරපතළ අපරාධ මැඩපැවැත්වීම මෙන්ම ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික රාමුව සැකසීම මෙම පනතේ ප්‍රධාන අරමුණයි.
2026 මාර්තු 30 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී මූලික අනුමැතිය හිමිවූ මෙම කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලබාගෙන ඇත.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.