23,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතයි - ගුරුවරයෙක් වෙන්න සිහින දැකපු ඔබට අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්
රට පුරා පාසල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගුරුවරුන් 23,000 ක් බඳවා ගැනීම සඳහා විභාග පවත්වා ඇති බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ අනුව අදාළ විභාග වලින් ඉහළම ලකුණු ලබාගනිමින් සමත් වූ ඉල්ලුම්කරුවන්ගෙන් 23,000 ක් හැකි ඉක්මනින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත.
ඇය අද (08) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සඳහන් කළාය. වත්මන් වසර තුළ ගුරු පුරප්පාඩුවලින් සියයට 50 ක් පිරවීමට පියවර ගන්නා බවට අගමැතිනිය තවදුරටත් සහතික විය.
මීට අමතරව, තවදුරටත් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින පාසල්වල ඉලෙක්ට්‍රොනික උපකරණ ආරක්ෂිතව බැහැර කිරීම සඳහා පැහැදිලි ක්‍රියා පටිපාටි සකස් කරමින් පවතින බව ඇය පැවසුවාය.
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් අධ්‍යාපන අංශය සඳහා නව මාර්ගෝපදේශ ඉක්මනින් නිකුත් කරන බව ද ඇය සඳහන් කළාය.