ශ්‍රී ලංකාවට තායිලන්ත වීසා රහිත පහසුකම අහිමි වීමට හේතුව විජිත හේරත් හෙළි කරයි

By Kanchana Sep 08, 2026 10:28 AM GMT
Report

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමි තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට පුරවැසියන් තායිලන්තයට ඇතුළු වී සිදුකරනු ලැබූ නීති විරෝධී ක්‍රියා බව අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කර තිබේ .

මෙරට පුරවැසියන් තායිලන්තයේදී සිදුකරනු ලැබූ විවිධ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් එම වීසා රහිතව ඇතුළු වීමේ පහසුකම මෙරටට අහිමි කර ඇති බවව තායිලන්තයට ඇතුළුවීමේදී වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම එළැඹෙන 15 වැනිදා සිට අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය පියවර ගනු ලැබීය.

ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව තායිලන්තය බලා පිටත්ව යාමට සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගමන ආරම්භ කිරීමට පෙර වීසා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වනු ඇත.

මේ සම්බන්ධව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ තායිලන්තයේ මෙම තීරණය සම්බන්ධව තායිලන්ත රජය සමග මෙරට රජය සාකච්ඡා කළ බව සදහන් කර තිබේ ඒ අනුව ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇති කිරීම සඳහා යෝජනා වූ බවත් ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධව දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම ද්විපාර්ශ්වික ගිවිසුම හරහා නැවතත් මෙරටට එම වීසා පහසුකම ලබා ගැනීමට බලාපොරාත්තු වන බවය

අමාත්‍ය විජිත හේරත් මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ මෙවන් අදහසක්  

"නාමල්ව හිරේ දාලා සැප්තැම්බර් 12 රැස්වීම නවත්වල ඉවර කරන්න බෑ" -රෝහිත අබේගුණවර්ධනගෙන් ආණ්ඩුවට අභියෝගයක්

"නාමල්ව හිරේ දාලා සැප්තැම්බර් 12 රැස්වීම නවත්වල ඉවර කරන්න බෑ" -රෝහිත අබේගුණවර්ධනගෙන් ආණ්ඩුවට අභියෝගයක්

"මේකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අය තායිලන්තයට ඒ වීසා අරගෙන ගිහිල්ලා කරපු නීති විරෝධී වැඩ. ඔබ අදත් දකින්න ඇති තායිලන්තයේ ඉඳලා කුඩු ලංකාවට ගෙනාපු සිද්ධියක් වාර්තා වෙනවා. ඒ වගේම පහුගිය දවසක තායිලන්තයේ ඉඳලා හාමුරුදුරුවන් පිරිසක් කුෂ් මත්ද්‍රව්‍ය අරන් ආවා. එවැනි සිද්ධි ගණනාවක් පහුගිය කාලේ වාර්තා වුණා ඒකත් එක්ක තායිලන්තය තීන්දු කළා ලංකාවත් ඒ රටවල් 60 අතරට දාන්න. ඒ නිසා තමයි 15 වැනිදා ඉඳලා ඒ පහසුකම අපිට නැති වෙන්නේ. ඒත් එක්කම අපි රජයක් විදිහට තායිලන්ත ආණ්ඩුවත් එක්ක මේ පිළිබඳව ද්විපාර්ශ්විකව සාකච්ඡා කළා. ඒ අනුව තායිලන්තය පැත්තෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා පහසුකම් ලබා දීම් පිළිබඳව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරන්න යෝජනා වුණා. ඒ කෙටුම්පත දැනට සාකච්ඡා කරලා අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඒ තියන කරුණු ඇතුළත් කළා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් තියන ඒ කරුණු පදනම් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තායිලන්තයත් එක්ක ද්විපාර්ශ්විකව මේ ගිවිසුම අත්සන් කරන්න. ඒ අනුව අපිට ලංකාව සහ විශේෂ වශයෙන් ඒ වීසා පහසුකම ලබා ගන්න හැකියාව ලැබෙනවා."