ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ නැව් 47ක් නවතා තබා ඇති බවට හෙළිදරව්වක්
අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් පසුබිම හමුවේ, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ නෞකා 47ක් නවතා තබා ඇති බව විජිත හේරත් අමාත්‍යවරයා පවසයි.
අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට (නාවික සැතපුම් 24කට එහායින්) පිහිටි ජාත්‍යන්තර මුහුදු තීරයේ මෙම නෞකා නවත්වා ඇති බවයි.
මේ අතර ඉරාන නෞකා මෙන්ම අනෙකුත් රටවලට අයත් වෙළෙඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද පවතින බව උන්වහන්සේ පැහැදිලි කළේය.
මෙම කිසිදු නෞකාවක් මේ දක්වා ශ්‍රී ලංකා රජයෙන් පහසුකම් ඉල්ලා නොමැති අතර, රජය විසින් ද කිසිදු පහසුකමක් සපයා නොමැති බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාව සවිධානයෙන් යුතුව එම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.