කාන්තා සේවිකාවන්ට කැපී පෙනෙන වෙනස්කමක් - අයිෆල් කුළුණේ සේවකයින්ගේ හදිසි වැඩවර්ජනයක්

By Kanchana Sep 08, 2026 11:07 AM GMT
Report

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඊයේ (07) තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

ඒ, හින්දු ආගමික කණ්ඩායමක් විසින් සිදු කළ සංචාරයකදී කාන්තා සේවිකාවන් පිරිමි සාමාජිකයන් සමඟ සම්බන්ධ නොවන ලෙසට කටයුතු කළ බවට එල්ල වූ චෝදනාවකට විරෝධය පළ කරමින් අයිෆල් කුළුණේ සේවකයින් වැඩවර්ජනයක නිරත වීම හේතුවෙනි.

ඉන්දියාවේ අහමදාබාද්හි මූලස්ථානය කරගත් ගෝලීය හින්දු සංවිධානයක් වන BAPS හි සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් සෙනසුරාදා අයිෆල් කුළුණ නැරඹීමට පැමිණ තිබේ.

අයිෆල් කුළුණේ වෘත්තීය සමිති නියෝජිතයෙකු සඳහන් කර ඇත්තේ, එම සංචාරය අතරතුර කාන්තා සේවිකාවන්ට තම සේවා ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස ඉල්ලා ඇති බවයි.

එම සිදුවීම සේවකයින් අතර දැඩි අප්‍රසාදයක් ඇති කළ බවද ඇය පවසා තිබේ. මේ සම්බන්ධයෙන් පැරිස් නගරාධිපති එමානුවෙල් ග්‍රෙගෝයර් දැඩි විරෝධය පළ කර ඇති අතර, සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ප්‍රංශයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ අමාත්‍ය ඕරෝර් බර්ගේ ද සිද්ධිය හෙළා දකිමින් සඳහන් කර ඇත්තේ, ප්‍රංශයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාකච්ඡා කළ නොහැකි මූලධර්මයක් බවයි. මේ අතර, අයිෆල් කුළුණ මෙහෙයුම් සමාගම වන SETE පවසා ඇත්තේ, කාන්තා කාර්ය මණ්ඩලය සමඟ අන්තර්ක්‍රියා සීමා කරන ආකාරයේ සංචාරයක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් වූ බවයි.

එවැනි කොන්දේසි පිළිගත නොහැකි බවද එම සමාගම සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් BAPS සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ගැටලුව ඉතා බරපතළ ලෙස සලකන බවත්, කිසිවෙකුට අයිෆල් කුළුණට ප්‍රවේශ වීම වැළැක්වීමට කිසිදු අවස්ථාවක අදහස් නොකළ බවත්ය.

සිදුවීම හේතුවෙන් යම් අපහසුතාවක් හෝ වේදනාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳව අවංකව කනගාටු වන බවද එම සංවිධානය පවසා තිබේ. මෙම සිදුවීම ප්‍රංශය තුළ දැඩි දේශපාලන හා සමාජ අවධානයක් දිනාගෙන ඇති අතර, විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පවතින ප්‍රතිපත්ති පිළිබඳවද යළි අවධානය යොමුව තිබේ.