මීලග අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන?

Report

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) රැස්වී ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිතයි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන අතර ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කර තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතා වන අතර හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. 

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි