මේ මොකක්ද?. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසියට කළ විශේෂ නියෝගය..

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ මැතිවරණ දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදා එය පටන්ගත් තැනම මැඩපවත්වන ලෙසට ය.

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..


ඒ, සූම් තාක්ෂණය ඔස්සේ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී ය.

ස්වාධීන හා නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධි විධාන සැලසීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කර තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)


එමෙන්ම, ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, දෛනික ජන ජීවිත අඩාල නොවන පරිදි රට තුළ සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසයි.

ඡන්දය දුන්නට පස්සෙ කරන්න ඕන දෙය දැනගෙන හිටිය ද?. දැනුම්දීමක් මෙන්න..

ඡන්දය දුන්නට පස්සෙ කරන්න ඕන දෙය දැනගෙන හිටිය ද?. දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 80,000කට අධික පිරිසක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.