ජනාධිපති ට්‍රම්ප්ට ලොකු තෑග්ගක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ෆීෆා සාම ත්‍යාගය ප්‍රධානය කර තිබේ.
මෙම සම්මානය ඔහුට ලැබුණේ 2026 ෆීෆා ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී, අද අලුයම මෙරට වේලාවෙන්, එළිදැක්වූ අවස්ථාවේදීය.
FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් මෙම ත්‍යාගය මෙම වසරේදී පළමුවරට හඳුන්වා දී ඇති අතර, එමඟින් ට්‍රම්ප් මෙම ත්‍යාගයේ මංගල ජයග්‍රාහකයා බවට පත්වෙයි.
මෙම සම්මානය ප්‍රධානය කෙරෙන්නේ “සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්” සහ “ලොව පුරා ජනතාව එක්සත් කළ” පුද්ගලයෙකු වෙනුවෙන්යි.