මහානායක හිමිවරුන්ට ජනපතිගෙන් විශේෂ ස්තුතියක්

Sri Lanka Police Anura Kumara Dissanayaka Sri Lanka
By Zara Mar 02, 2025 03:51 PM GMT
Zara

Zara

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් අද (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

එහිදී, අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති අතර අප්‍රේල් 18 වනදා සවස 3.00සිට සවස 5.30 දක්වාත් 19 වනදා සිට 27 වනදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපතිවරයා කියා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බවත්ව, වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පළ කරන බවත්ය.

එමෙන්ම රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපිත කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන මෙම දළදා දැක්මේ මංගල්‍යය රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා ලක්ෂ සංඛ්‍යත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා පළ කළ ජනාධිපතිවරයා ඔවුන්ට කිසිදු බාධාවකින් හා අවහිරයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට රජයක් ලෙස ඒ සඳහා උපරිම දායකත්වය සහ මැදිහත්වීම ලබාදෙන බව පැවසු බවත් සඳහන් වේ.

විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා වී ඇත.

දළදා වහන්සේගේ හා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා විය.

දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළ අතර එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කෙරිණි.

එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය, පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම සහ ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා විය.

ජනතාව තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන අයුරින් සැරසිලි කටයුතු සිදු කිරීම සහ විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.   

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

පාතාලයේ දුරකතන ජාලය බිඳින වැඩක් – දකුණට, බස්නාහිරට

පාතාලයේ දුරකතන ජාලය බිඳින වැඩක් – දකුණට, බස්නාහිරට

ReeCha