පාතාලයේ දුරකතන ජාලය බිඳින වැඩක් – දකුණට, බස්නාහිරට

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Gagana News Mar 02, 2025 12:06 PM GMT
Gagana News

Gagana News

Report

විදේශයන්හි සිට ලංකාවේ පාතාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ සන්නිවේදන ජාලය බිඳදැමීමට රාජ්‍ය ආරක්ෂක අංශ සැලසුම් කරමින් සිටින බව පුවත්පතක් වාර්තා කරනවා.

ඒ අනුව ඩුබායි, ඉන්දියාව, ඉතාලිය ඇතුළු රටවල සැඟවී සිටින අපරාධ කල්ලි නායකයන් මෙරට සිටින අපරාධකරුවන් සමග දුරකතන ඔස්සේ කෙරෙන තොරතුරු හුවමාරුව පිළිබඳ සෙවීමට යාන්ත්‍රණයක් සැකසීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් එම පුවත්පතට සඳහන් කර තිබෙනවා.

මේ සඳහා විශේෂ ඒකකයක් සකස් කිරීමට නියමිත බව ද එම ප්‍රකාශකයා පවසා තිබේ.

ඊට අමතරව රට තුළ ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින පාතාලය මැඬලීමට පොලිසියට අමතරව හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 5000ක් බස්නාහිර හා දකුණු පළාතට යෙදවීමටද ආරක්ෂක ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙම පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට වත්මන් තත්ත්වය අනුව පොලිසිය පමණක් ප්‍රමාණවත් නොවන බවට වූ තක්සේරුව අනුව හමුදාවද යෙදවීමට තීරණය කර ඇති බව ඔහු කීය.

ඒ අනුව, පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ බුද්ධි අංශ නිරීක්ෂණය කරගෙන ඇති අතර ඊට මෙම පන්දහසක පිරිස අනුයුක්ත කර විශේෂ මෙහෙයුමක් අරඹන බව වාර්තා වේ.

විශේෂයෙන් ම, බුද්ධි අංශ විසින් පාතාල කල්ලි, අපරාධකරුවන්, මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව දෛනික විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන අතර එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතටද පත්කරන බව දැනගන්නට ලැබේ.

එමෙන් ම, බුද්ධි අංශ විසින් දැනටමත් එම විශ්ලේෂණ තොරතුරු අතර වැදගත් රහසිගත තොරතුරු රැසක් ලබා ගෙන ඇති බව ද වාර්තා වේ. ඒ අනුව, බස්නාහිරත්, දකුණෙත් සක්‍රිය වී ඇති මෙම පාතාලය මැඬලීමට අදාළ පන්දහසක පිරිස යොදවා විශේෂ මෙහෙයුම අරඹනු ඇත.

ReeCha