ජනාධිපති ධුරය සඳහා නම් 03ක් යෝජනා වෙයි.. සටනින් සජිත් ඉවත් වෙයි..

By Aruna Jul 19, 2022 05:09 AM GMT
Report

ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

රනිල් වික්‍රමසිංහ ,ඩලස් අලහපෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය.

මේ අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ නාම යෝජනා බාර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම විනාඩි දහයකට සීමා වුණා.

ජනාධිපතිවරණ නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව සභාව කල් තැබුණු අතර පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now