‘තාර පාරට පොල් පැණි දමා ගැනීම’ මැයෙන් ජනාධිපති ලේකම්වරයාට වට්ස්ඇප් ලිපියක්..ජනපති ඒ මොහොතේම කරපු දේ..

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Political Development
By Aruna Jul 12, 2024 12:46 AM GMT
Aruna

Aruna

Report

ගලගෙදර ප්‍රදේශයේ මාර්ගයක් දැඩි ලෙස අබලන්ව පවතින බැවින් ‘තාර පාරට පොල් පැණි දමා ගැනීම’ මැයෙන් ජනාධිපති ලේකම්වරයාට වට්ස්ඇප් මගින් ලිපියක් යැවූ සැණින් ජනාධිපතිවරයා තමන්වහන්සේට කතාකර අදාළ මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එවීමට ඊයේ (11) දිනයේ පියවර ගත් බවයි, ගලගෙදර, මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙනේ පරිවේණාධිපති දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමියෝ කියා සිටින්නේ.

ගලගෙදර, මැදගොඩ, අළුදෙණිය ආදී ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය ඉතා අබලන්ව පවතින බැවින් එම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙනේ පරිවේණාධිපති ආචාර්ය දිඹුල්කුඹුරේ විසුද්ධානන්ද හිමියන් විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හට ලිපියක් යොමුකර තිබූ බවයි පැවසෙන්නේ.

අද වෘෂභ,මිථුන,වෘශ්චික සහ මීන ලග්න වල අයට රතු එළියක්..දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..

අද වෘෂභ,මිථුන,වෘශ්චික සහ මීන ලග්න වල අයට රතු එළියක්..දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..


මෙම ලිපිය විශේෂිත වූ අතර ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කර තිබුණේ ‘රනිල් වික්‍රමසිංහ උන්නැහේ’ ලෙසිනි.

ලිපියේ ශීර්ෂ පාඨය ලෙස ‘පිරිවෙන් විහාරස්ථානය හා ප්‍රදේශයට පිවිසෙන මීටර් 300ක් පමණ වන තාර පාරට පොල් පැණි දමා ගැනීම සඳහා’ යැයි සඳහන් කර තිබීමද විශේෂත්වයක්.

“මැදගොඩ අළුදෙණිය ආදී කොට ඇති අප ප්‍රදේශයට පිවිසෙන මාර්ගය විනාශයෙන් විනාශයට පත්වී අබලන්ව ඇති තත්ත්වයකයි උන්වහන්සේ මෙම ලිපිය යොමුකර ඇත්තේ.

උන්නැහේගේ ආණ්ඩුවේ ඇමැති මන්ත්‍රිලා හරියට මේ පැත්තෙන් ආවත් ගියත් උන්නැහේලාට මොන තරම් කීවත් පාරේ වළවල් ටික වසා දෙන්නේ නැත.

කොළඹ සිටිනා ජනාධිපති උන්නැහේ පාරවල් හදනා ඇමැති තැනට කියා මීටර් 500 වන තාර පාරේ ලොකු වළවල් ටිකවත් පොල් පැණි නමින් හඳුන්වන තාර ගල් වැලි එකතුකර හදනා දෑවත් දමා වසාදෙන ලෙස ඉල්ලා සිටිමි.

වසන්ත මීට පෙර මාතරදී මරන්න හදලා..එදා 99න් බේරිලා..ඒ ටැටූ මධ්‍යස්ථානයකදීමයි.

වසන්ත මීට පෙර මාතරදී මරන්න හදලා..එදා 99න් බේරිලා..ඒ ටැටූ මධ්‍යස්ථානයකදීමයි.


ආණ්ඩුවට සල්ලි නැති බව ආරංචියක් ඇත. පොල් පැණි ලබා දෙන්නේ නම් පිරිවෙනේ පොඩි උන්නාන්සේලාගේ සහාය තමුන්නාන්සේට ලබා දිය හැකිය’’ යැයි ජනාධිපතිවරයාට යවන ලද එම ලිපියේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

ජනාධිපති ලේකම්වරයාගේ දුරකථන අංකය සොයාගෙන තමන්වහන්සේ මෙම ලිපිය ඊයේ(11 වැනිදා) පෙරවරුවේදී වට්ස්ඇප් මගින් ජනාධිපතිවරයාට යැවූ බවත්, පෙරවරු 11ට පමණ ජනාධිපතිවරයා තමන්වහන්සේට දුරකථන ඇමැතුමක් ලබාදුන් බවත් පරිවේණාධිපති හිමියෝ පැවසූ සේක.

තමා ආමන්ත්‍රණය කර තිබූ ආකාරයට තමා ආදරය කරන බවත්, අනිවාර්යයෙන්ම මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බවත්, එය පිළිසකර කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමට තමන් පැමිණෙන බවට ද ජනාධිපතිවරයා පැවසූ බවත් උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ පැවසුවේ, ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුමෙන් පසුව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මාර්ගය මැනීමේ කටයුතු ඊයේ සිදුකළ බවයි.

ReeCha