ඉන්දු - පාකිස්තාන සටන් විරාමය ගැන ජනපති කිව්ව කතාව

Anura Kumara Dissanayaka Pakistan India Sinhala news
By Kaushi May 11, 2025 02:45 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරට අතර එළැඹි සටන් විරාම එකඟතාව අගය කරමින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ ජනාධිපති දක්වා ඇත්තේ එය දෙපාර්ශ්වයේම අහිංසක ජීවිත ගලවා ගැනීමට ඇති තීරණාත්මක එකඟතාවයක් බවයි.

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

එසේම එය තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් බවයි. තව ද එම පණිවිඩයේ අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට ගත් මෙම තීරණය නිසා ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය ද පෙන්නුම් කරන බව සඳහන් විය.

දෙරටෙහි සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බවද ජනපතිවරයා මෙහි දී පවසා ඇත.

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)

කොටහේනේ දැරියගේ සිදුවීමට අඳාළ ගුරුවරයට දීලා තියෙන්නේ අනිවාර්‍ය නිවාඩු ලු, ඒ කියන්නේ ගෙදර ඉන්නවට වැටුප් ලූ....(VIDEO)

ඉන්දියාවේ සහ පාකිස්තානයේ අඛණ්ඩ සංවාදය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ද ලබා දෙන බව පණිවුඩයේ ඇතුළත් වේ. එසේම එහි දී තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම් දී ඇත්තේ කලාපීය සාමය අපගේ යුගයේදී ම අත්කර ගැනීමට අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බවයි.

ඒ බව සහතික වශයෙන් ජනපතිවරයා ප්‍රකාශ කර ඇත. 

ReeCha