ජනාධිපති අරමුදලේ සේවාවන් ඔන්ලයින් ක්‍රමයට

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 13, 2025 02:41 PM GMT
Hashini

Hashini

Report

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනු ලබන්නේ ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ජුනි 21 වන දින සිට මාර්ගගතව දියත් කරන බවයි.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වනදා සිට ආරම්භ කෙරුණා.

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

එම නිවේදනයේ සඳහන් වන්නේ අනුව දිළිඳුකම පිටු දැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි. 

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

ReeCha