උතුරට ආයෙත් කරදරයක්...පොලිස් ස්ථානවලටත් දුරකථනයෙන් තර්ජන
කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් එල්ලකරන බවට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව එහි සඳහන් වන පරිදී උතුරේ පොලිස් ස්ථාන 10 ට මෙසේ ප්‍රහාර එල්ල කරන බව පවසා ඇත.
මෙම ඇමතුම අඳාළ පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ පසුගිය 11වන දින දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ බව සඳහන්.
ඒ අනුව මේ පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.
එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බවයි.