යුධ නැවක් කොළඹටත්..වැඩබලන ආරක්‍ෂක ඇමතිත් බලන්න ගිහින් [PHOTO]

Report

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් 'TCG BÜYÜKADA' නෞකාවේ නිරික්ෂණ චාරිකාවක වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා නිරත වී තිබෙනවා.

මෙම නෞකාව ඊයේ (13) දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණා.

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

රන්වල මහත්තයෝ දැන් මාස හයක්...ගේනවා කිව්ව උපාධිය කෝ

මෙහිදී මෙරට තුර්කි තානාපති Semih Lütfü Turgut මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් Anul Bilgin විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාව නෞකාවට ඉතා උණුසුම් අයුරින් පිළිගත් බව වාර්තා වේ.

එමෙන්ම තුර්කි තානාපතිවරයා විසින් කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් මෙරට දක්වන කැපවීම පැසසුමට ලක්කර ඇති බව ද සඳහන්.

එහිදී රටවල් දෙක අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

දිවයිනට මෙම නෞකාව පැමිණීම නිසා රටවල් දෙක අතර තිබෙන ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව සහ මිත්‍රත්වය සංකේතවත් වන බව ද අරුණ ජයසේකර මහතා පවසා ඇත.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

එමෙන්ම මෙරට හා තුර්කිය අතර තිබෙන ආරක්‍ෂක හවුල්කාරිත්වය නැවත තහවුරු කෙරෙන බවද කියා ඇති බව සඳහන්.

ඊට අමතරව නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා දෙරටේම පොදු දැක්මම මෙහිදී නැවත අවධාරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට විශ්‍රාමික නාවික හමුදාපතිවරුන්, ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Servet Okumus සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

යුධ නැවක් කොළඹටත්..වැඩබලන ආරක්‍ෂක ඇමතිත් බලන්න ගිහින්  | Turkey Warship Visited Acting Defense Minister