2020 වසරෙන් පසු ජනාධිපති අරමුදලට මොකද වුණේ?

President of Sri lanka
By Wayomi Aug 13, 2022 05:11 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ එනම් 2020 වසරෙන් පසු ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිම කෙනෙකුට ආධාර මුදල් ලබාදී නොමැති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් 2020 වසරේ මුල් කාලයේ අයැදුම්පත් කිහිපයක් වෙනුවෙන් ආධාර මුදල් ලබා දී තිබෙනවා.

නමුත් ඒ එම වසරට පෙර වසරවල ඉදිරිපත් කරන ලද අයැදුම්පත් සඳහා පමණක් බවයි වාර්තා වන්නේ.

හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, අක්මා බද්ධය, කර්ණ සංඛ බද්ධය ඇතුළු බරපතළ රෝග තත්ත්වයන් සඳහා වන සැත්කම්වලදී වැයවන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබාගැනීමෙන් හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේ එම අයැදුම් පත් සඳහා ආධාර මුදල් ගෙවීම පසුගිය දා යළි ආරම්භ කළ බවයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW