සියලු‍ පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතුයි..ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනපති..(VIDEO)

Report

නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය.

ස්පාඤ්ඤ ජාතිකයා තැපෑලෙන් ගෙන්නපු දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

ස්පාඤ්ඤ ජාතිකයා තැපෑලෙන් ගෙන්නපු දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද කියා සිටියේය.

දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

"ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා.

දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම. මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා.පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්‍රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවනවා..."

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අදින් ඇරඹේ..

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අදින් ඇරඹේ..

මේ අතර එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.  

You may like this video