ලෝකෙම කළඹන සුළි කුණාටුවක් - උපරිම වේගයෙන් එන චණ්ඩ මාරුතයක් මතුවෙයි
By Ashfa
මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් හටගෙන ඇති පෝලෝ සෙන්ඩ්රොස් චණ්ඩ මාරුතය එම වෙරළබඩ දේපළ හානි රැසකට මුල් වී තිබේ.
මෙය පැයට කිලෝමීටර් 230 ක උපරිම සුළං වේගයක් සහිත මෙය සිව්වන මට්ටමේ ප්‍රබල සුළි කුණාටුවක් බව වාර්තා වේ.
ඒ අනුව පසුබිමක අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් කණ්ඩායමක් "පෝලෝ" සුළි කුණාටුවේ අභ්‍යන්තරයට විශේෂ පියාසැරියක් සිදුකර තිබෙන්නේ කුණාටුවල තීව්‍රතාව ඉහළ යාම ඇතුළු කරුණු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහායි.
P-3 වර්ගයේ විශේෂ පර්යේෂණ ගුවන් යානයක්, චණ්ඩ මාරුතයේ දරුණුතම කොටස වන 'චක්‍රවාට බිත්තිය' හරහා ගමන් කර, එහි මධ්‍යයේ පිහිටි නිශ්චල 'සුළි කුණාටු අක්ෂිය' වෙත පිවිසෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ද මේ වන විට නිකුත් කර ඇත.