බන්ධනාගාර අධිකාරියි ජනපති සමාව ලැබූ අතුලයි හමුවේ

Law and Order Prison Court of Appeal of Sri Lanka Sinhala news
By Mithu Jun 11, 2025 01:14 PM GMT
Mithu

Mithu

Report

පසුගියදා මූල්‍යමය වංචාවකට හසුවී සිටි පුද්ගලයකු ජනපති සමාව ලැබුවා යැයි කියමින් ව්‍යාජ ලේඛන ඔස්සේ නිදහස් කෙරූ චෝදනාවකට  අදාළව මේ වන විටත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සිදුවීමෙන්ඒ නිදහස් වූ අතුල නමැති පුද්ගලයා මේ වන විට රටේ නොමැති බවත් ඔහු සොයා විවිධ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බවත් සඳහන් වී තිබුණා. ඉතින් ඒ අතර  ආරංචි වූ තවත් ආන්දෝලාත්මක සිදුවීමක් පිළිබඳව තමයි මේ කියන්න සූදානම.

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

තව තවත් රන් මිල පහතට..නව මිල මෙන්න

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් විදිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ මුදා හරින ලද ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අද (ජූනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ය.

ඒ, සිය නීතිඥ සුරංග මොහොට්ටි මගිනි. තමාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව අවසන් වීමෙන් පසුව, විත්තිකරු අනුරාධපුර මහාධිකරණයේ පැවති, 'ජනපති පොදු සමාව යටතේ බව කියමින් තමාට නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින එච්සී/69/2108 අංක දරන නඩුව කැඳවූ අවස්ථාවේදී එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේ ය.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

එහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාත්න වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල අධිකරණය හමුවේ කරුණු දක්වන අතරතුර විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ, තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යනුකූලව බව ය. එය වඩා ත් තහවුරු වන්නේ, ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේ පෙනී සිටින නිසා බව යැයි නීතිඥවරයා පැවසීය.

නීතිඥවරයා ඒ බව ප්‍රකාශ කරන මොහොතේ විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිට අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දැන්වීය. විත්තකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි ද අධිකරණයට කරුණු දන්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා අද (ජූනි 11) දින අනුරාධුපර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව ය.

මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද ඔහු සිටින බව පැවසූ නීතිඥවරයා සිය සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ, ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති එච්සී/69/2018 අංක දරන නඩුවෙන් නිත්‍යනුකූලව නිදහස්ව සිටින නිසා බව ද ප්‍රකාශ කළේ ය. විත්තිකාර අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර අතුල තිලකරත්න තම මිතුරන් සමග අධිකරණ භූමියේ කතා බස් කරමින් සිට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසලින් ම අධිකරණ භූමියෙන් පිටව ගියේ ය.

ReeCha