ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
ජාතික ලාදුරු සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ඒ ලාදුරු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමීමේ ගමනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමිනි.
මෙම ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත්වෙයි.
තවද මෙහිදී ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීම සිදු කර තිබේ.
මෙම සමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙයි.