ආසාදිතයින් වැඩි වන ප්‍රදේශ ගැන ජනපති ගත් අලුත්ම තීරණය

curfew president covid19 quarantine
By Sewvandhi Oct 15, 2021 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 රෝගීන් තවදුරටත් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදකලා කිරීමේ අවශ්‍යතාවය අද (15) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ රැස්වී තිබුණි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අධ්‍යයනය කළයුතු බවය.

මේ අතර පාසල් ළමුන් එන්නත් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇති බවද එම සාකච්ඡාවේදී කරුණු අනාවරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලබන සඳුදා (18) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිත අතර මේ වනවිට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දී තිබේ.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්වී ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොවිඩ් කමිටුව හමුවේ සඳහන් කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now