ඉරාන නැව ගැන ජනපති අනුර ගත් තීරණයට නාමල්ගෙන් පැසසුම්

Report

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

තවද මානුෂීය හේතූන් මත එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු කොළඹට ගෙන ඒමට ද පියවර ගත් බව සදහන් වේ.

පවතින කලාපීය ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීමේ වැදගත්කම මෙම පියවර මගින් පිළිබිඹු වන බව සිය X ගිණුමේ පළ කරන ලද පණිවිඩයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

ඒ වගේම ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය විටෙක මානුෂීය ආධාර ලබා දෙන අතරම ජාත්‍යන්තර නීතිය යටතේ තම බැඳීම් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවයි.

ගල්ෆ් කලාපය පුරා සහ ගෝලීය වශයෙන් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සංවාදය දිරිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දිගටම කටයුතු කරනු ඇති බව රාජපක්ෂ මහතා ද බලාපොරොත්තු වන බව සදහන් කර තිබේ.

මිලියන ගාණක වංචාව ගැන චාමර කට අරිද්දි එහෙම ආධාරයක් ලැබිලත් නැල්ලු - මිලයන 35ටම වෙච්ච දෙයක් නෑ

මිලියන ගාණක වංචාව ගැන චාමර කට අරිද්දි එහෙම ආධාරයක් ලැබිලත් නැල්ලු - මිලයන 35ටම වෙච්ච දෙයක් නෑ

ඔහු තවදුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දියාව ඇතුළු කලාපීය හවුල්කරුවන් සමඟ රජය සමීපව සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කමයි. 

අමෙරිකාව ඉරාන නෞකා 30කට වැඩි ගිල්වා දමලා - මේ තරම් විනාශයක්

අමෙරිකාව ඉරාන නෞකා 30කට වැඩි ගිල්වා දමලා - මේ තරම් විනාශයක්