සමස්ථ අධ්‍යාපන පද්ධතියම වෙනස් කරන ජනපති අනුර

Report

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට, සමස්ත අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ

"මම බලාපොරොත්තු නැතිව හිටියේ "- තිසර පෙරේරා දරුවාව අතට අරන් කියපු දේ

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් සැලසුම් කළ ප්‍රතිඵල ලබා ගැනීමට, භෞතික සහ මානව සම්පත් වර්ධනය අවශ්‍ය බවද ජනපතිවරයා පෙන්වාදී තිබුණි.

එමෙන්ම, සම්පූර්ණ අධ්‍යයනයකට අනුව සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු සකස් කර, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන බවද ඔහු පැවසීය.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ගුරුවරුන්, සිසුන් සහ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත්, පළමු අදියර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළු දෙකක් පැවැත්වීමටත් උපදෙස් ලබා දී තිබේ.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

මෙම සාකච්ඡාවට අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු පිරිසක් සහභාගීවී තිබේ.