හිටපු ජනපති ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සැමරුම අද

Report

 ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරුම අදට (01) යෙදී ඇත.

ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියසදී පවත්වා තිබේ .

1993 වසරේ මැයි 01 වැනිදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කර තිබූ මැයි දින ‍ පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාද එක්ව ඇත .

විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිඩුඩය

විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිඩුඩය

එහිදී එම පෙළපාළිය කොළඹ ආමර් වීදිය වෙත පැමිණි අවස්ථාවේ දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවකු පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයන් 60කට ආසන්න පිරිසකට තුවාල සිදු ව තිබේ.