ගංජා තොගයක් සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Report

යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේදී නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සතුව තිබූ කේරල ගංජා තොගය කිලෝග්‍රෑම් 4.880 ක් පමණ වන අතර එම තොගය පොලිස් භාරයට ගෙන තිබේ.

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (30) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න