පවිත්‍රාට අලුත් අමාත්‍යංශයක්..?

Report

අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යනුවෙන් නව අමාත්‍යාංශ දෙකක් අලුතින් පිහිටුවමින්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (09)රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය 

. අලුතින් පිහිටුවා ඇති තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කරනු ඇති බවටද ආරංචි පැතිර යමින් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now