විදුලිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන දිනය මෙන්න

By Sewvandhi Dec 06, 2021 03:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළැඹෙන 08 වන බදාදා දිනය වන විට විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර් රණතුංග මහතා පවසනවා.

සඳුදා (06) සහ අඟහරුවාදා (07) දෙදින තුළ ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය චීනයට ලබාදීමේ උත්සාහයක් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා, ඊයේ දින පවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW