අද දිවයින පුරා විදුලිය කපයි?..වෙන දේ මෙන්න.

Sri Lanka Power cut Gamini lokuge
By Aruna Nov 03, 2021 01:29 AM GMT
Aruna

Aruna

Report

ඇතැම් වෘත්තීය සමිති තර්ජන කළද අද (බදාදා) විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ රාත්‍රියේ ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

අද දිනයේදී විදුලි සැපයුමට අදාළ මෙහෙයුම් කටයුතු සාමකාමීව සිදුකරන බවට විදුලිබල වෘත්තීය සමිති බොහොමයක් සහතික වී ඇති බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණක් අද වැඩවර්ජන කරන බවට තර්ජනය කර ඇති නමුත් විදුලි සැපයුමට එයින් බලපෑමක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල අංශයේ ප්‍රධාන සේවකයින් වැඩ නතර කළහොත් විදුලිය සුමටව සැපයීමට පියවර ගෙන තිබේදැයි විමසූ විට, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සහතික විය.

විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් නොමැති නිසා හමුදාව සීරුවෙන් තබා නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now