ඉදිරියේදි විදුලිය කැපෙයිද.. නැත්නම් බිල වැඩිවෙයිද.? විස්තරය මෙන්න (VIDEO).
රට තුළ පවතින විදුලි අර්බුදය හේතුවෙන් අද දින විදුලිබල මණ්ඩලය තුළ එහි සාමාන්‍ය අධිකාරීවරයා හා හා සාකච්ඡාවක් පවත්වා තිබුනා .
පවතින විදුලි හිඟය හේතුවෙන් ජනතාවට අත්වන පීඩාව සහ ඉදිරියේදී ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට සහ ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව ද අද සාකච්ඡා කර තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහෙ නියෝජිතයකු අප වෙත ඉදිරියේදී විදුලි අර්බුදයේ තත්ත්වය පිළිබඳව අවධාරණය කළා.
වීඩියෝ පහතින් නරඹන්න .
එමෙන්ම, ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි අර්බුදය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් සහ විදුලිබල බලධාරීන් අතර අද සාකච්ඡාවක් පැවති බවත් එම සාකච්ඡාවේ තීරණ ලබන අඟහරුවාදා මාධ්‍යයට හෙළි කරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |