මාස තුනක් රටම අදුරේද..? සිදුවන දේ මෙන්න..

srilanka Power cut corona virua
By Sithumi Feb 11, 2022 04:52 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.

අඛණ්ඩව විදුලි සැපයුමක් අවශ්‍ය වන්නේ නම් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී වැඩිපුර විදුලිය අවශ්‍ය වන උපකරණ භාවිතයෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වල වායු සමීකරණ යන්ත්‍ර පැය හතරක කාලයක්වත් පෞද්ගලික ජනන යන්ත්‍ර මඟින් බලගන්න ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. ව්‍යාපාරික ස්ථාන වල නාම පුවරු, රාත්‍රිය පුරා දැල්වෙන පහන් නිවා දමා ලෙසද ඔහු ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now