අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.
අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරනවා.
ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.
පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා.
එලෙස පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කෙරුනා.
නමුත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබුවා.
![මෝටර් රථ, දුම්වැටි ඇතුළු නිෂ්පාදන රැසක බද්ද වැඩි කිරීමට කැබ්නට් අනුමැතිය. - වැඩි වූ ප්‍රතිශතය මෙන්න.](https://cdn.ibcstack.com/article/c7972010-388a-4480-acac-bbbd594edf6d/25-67ab25150d89f-sm.webp)
මෝටර් රථ, දුම්වැටි ඇතුළු නිෂ්පාදන රැසක බද්ද වැඩි කිරීමට කැබ්නට් අනුමැතිය. - වැඩි වූ ප්‍රතිශතය මෙන්න.
මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින අතර අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
විදුලිය කැපෙන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්.
![Gallery](https://cdn.ibcstack.com/article/1993c89c-6fcb-41bd-8663-739cc6905f15/25-67ad70b11587a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/f1bd0479-2c86-40a2-98a0-ca688f78a04d/25-67ad70b19a30a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/8aedca61-f316-4268-a3af-1a631671b7c3/25-67ad70b223c8e.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)