ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය..

Report

ජුලි මස 6 වනදා සිට 8 වනදා දක්වා විදුලි කප්පාදුව සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. අදාළ දින තුනේදී දිනකට පැය තුන බැගින්වූ විදුලි කප්පාදුවක් එලෙස සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G,H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේදී පැය 01යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති. එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා කාලය අතරතුර පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. M,N,O,X,Y,Z කලාප සඳහා අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා කාලය අතරතුර පැය 3ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.