හෙට පැය හතරක විදුලි විසන්දි වීමක් පිළිබද දැනුම් දීමක්..

By Sithumi Feb 22, 2022 02:38 PM GMT
Sithumi

Sithumi

Report

Update 

හෙට උදේ  8: 30 සහ සවස 10 30 අතර කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි  

මීට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක්ද සිදු කළා..

හෙට (23) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතරහමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 

 කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා, 

 "ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද උදෑසන මහජන උයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා හෙට දිනයේදී පැය 7ක පමණ විදුලි කාප්පාදුවක් සිදුවීමට අවශ්‍ය බව." 

 "එසේ වුණත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත්වී මත අපට අවශ්‍ය යම් තෙල් සංචිතයක් ලැබුණු නිසා හෙට දිනයේදී ලංකාවේ සියලුම පළාත්වලට පැය හතරහමාරක්, හතරයි විනාඩි හතලියක් වැනි කාලයක් තුළදී විදුලි විසන්ධි කිරීමට සිදුවන බව දැන්වීමට සිදුවෙනවා." "මේක අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. ඇත්තටම මේ තත්ත්වය ඇතිවීමට හේතුවෙලා තියෙන්නේ අපිට විදුලි අර්බුදයක් නිසා නෙමෙයි." 

"අපිට තියෙන තෙල් අර්බුදයක් නිසා. අපි දන්වා මෙගා වෝට් 700යක පමණ ධාරිතාවයෙන් යුතු විදුලි ජනන යන්ත්‍ර මේ අවස්ථාව වනවිට අක්‍රිය වෙලා තියෙන්නේ." "ඒ නිසා තමයි හෙට දිනයෙදී මෙවැනි විදුලි කප්පාදුවකට යෑමට සිදුවෙන්නේ. විදුලි කප්පාදුව සිදුවෙන්නේ උදේ 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කියන කාණ්ඩ තුනෙහි. උදේ වරුවේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත්." 

"ඒ වාගේම ඊළඟ කාණ්ඩය සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුයක් සිදුවෙනවා. ඒ සිදුවෙන්නෙත් උදේ පැය දෙකක කාලයක්. ඉතිරිය රාත්‍රී කාලයේදී. මේ තත්ත්වය ඉතාම කනගාටුවෙන් තමයි අපිට දන්වන්න වෙලා තියෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now