රූපවාහිනියේ විදුලිය විසන්ධි කරයි.

By Wayomi Jan 12, 2023 10:02 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම හේතුවෙන්

එම බිල රුපියල් ලක්ෂ 55කට අධික බිලක් බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ජාතික රූපවාහිනි ආරංචි මාර්ග පවසනවා.

- ලංකාදීප -

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW