මේ කාල සීමාව තුළ විදුලි කප්පාදු කරන්නේ මෙහෙමයි.. කාල සටහනක් නිකුත් කෙරේ..
Power cut Sri Lanka
Power Cut Today
By Sithumi
සාමාන්‍ය පෙළ විභාගයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් විදුලි ඉල්ලුම කළමනාකරණ කාලසටහන මැයි 22 සිට ජුනි 1 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව මැයි 22 සහ 29 ඉරිදා දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවේ. එමෙන්ම මැයි 22 සිට ජුනි 01 දක්වා අනෙකුත් දිනවල සවස 6.30 න් පසු විදුලිය විසන්ධි නොවේ.
කෙසේ වෙතත්, එම දිනවල මධ්‍යහ්න 12 සිට පස්වරු 6.30 දක්වා කාර්මික කලාපය සහ කොළඹ නගර වාණිජ කලාපය හැර විභාග නොපවත්වන වේලාවන්හි සියලුම කලාප සඳහා පැය 1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලිය විසන්ධි වේ. . එම දිනවල කර්මාන්ත කලාප (පෙ.ව. 5 සිට 8 දක්වා) සහ කොළඹ නගර වාණිජ කලාපයේ (පෙ.ව. 6 සිට 9 දක්වා) පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |