විදුලි කප්පාදුව ගැන නවතම තීරණය මෙන්න ..

All island Power cut today new dissision
By Sithumi Feb 26, 2022 02:03 PM GMT
Sithumi

Sithumi

Report

දැනට පවතින දත්ත අනුව සඳුදා සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද සහ හෙට රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනයේ දිවා කාලයේ සිදු කරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. සෙසු කලාප සඳහා අද දිනයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණයි. හෙට දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීම අනුවයි මෙලෙස සති අන්තයේ සිදු කෙරෙන විදුලිය කප්පාදුව සීමාකර ඇත්තේ.

මේ අතර පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 38,400ක් අඩංගු නෞකාව අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා

. එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක්ද ලබන සති අන්තයේ දී මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now