අද විදුලිය කපන්න හිටිය කාලය හදිසියේම අඩු කරයි...අලුත්ම සැලසුම මෙන්න.

Sri Lanka Technology Power cut Ceylon electric Bord Power cut schedule
By Aruna Apr 18, 2022 12:33 AM GMT
Aruna

Aruna

Report

අද (18) දිනයේ සැලසුම් කර තිබු විදුලි කප්පාදුව පැයකින් අඩුකිරිමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වු ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් පෙරොන්දුවත් සමග එම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

අද දිනයේ දි පැය 4යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරිමට මීට පෙර සැලසුම් කර තිබු අතර, ඉන්ධන සැපයීම හේතුවෙන් එය පැය 3 මිනිත්තු 30 දක්වා අඩුකිරිමට නියමිතයි.

මේ අතර හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී ද පැය 4යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

දිවා කාලයේ දී පැය 3 යි මිනිත්තු 20ක් සහ රාත්‍රී කාලයේ දි පැයයි මිනිත්තු 30ක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මේ අතර මෙරටට ළඟා වී ඇති ගල්අඟුරු රැගත් නෞකා සඳහා මුදල් ගෙවීම් අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊට අදාළ මුලික කටයුතු මේ වන විට සැලසුම් කර ඇති අතර මුදල් ගෙවීමෙන් අනතුරුව ගල්අඟුරු ගොඩබැමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

අදාල කාල සටහන පහතින් නරඹන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

GalleryGallery