මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින්ට බඩේ පහර. - ඉන්දියාවේ ප්‍රකට සමාගම් 2ක් ලංකාවට.

Mahinda Amaraweera Sri Lanka India Egg
By Wayomi Aug 05, 2023 09:47 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක් මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ව්‍යාපාර කටයුතු මහා පරිමාණයෙන් කරගෙන යාම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (04) පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. 

මෙරට ව්‍යාපාරිකයන්ට ගැටලුවක් නොවන ආකාරයට එම ආයෝජකයන්ට ලංකාව තුල තම නිෂ්පාදන සඳහා අවස්ථාව ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව මේ වන විට සොයා බලමින් සිටින බව පැවසු අමාත්‍යවරයා, පවතින මිලට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් වෙත කුකුල් මස් සහ බිත්තර ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.


ReeCha