පොට්ට අමිල සහ තවත් තුන් දෙනෙක් අත්අඩංගුවට
මොරගහහේන පොලිසිය අද (21) දහවල් වේලාවකදී සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු ලෙස සැක කරන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනකු රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා මල්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සමග මල්පෙති 5300ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක් ලෙසත්, ජාවාරම්කරණයට යොදාගත් ජංගම දුරකථන තුනක් ලෙසත් පොලිස් භාරයට ගෙන තිබේ.
ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වන පොට්ට අමිල නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැමිණෙන බවට මොරගහහේන පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත එම සැකකරුවා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහුගේ සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,200ක් සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නාවලියේදී එම අයිස් මත්ද්‍රව්‍ය පොට්ට අමිල විසින් තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා ඔහු වෙත ලබාදුන් බව හඳුනාගැනීමෙන් පසු, පොට්ට අමිල නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස සොයා යන අවස්ථාවේදී ඔහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පෙට්ටියක් දරාගෙන පැමිණෙමින් සිටි අතර, ඔවුන් නවතා පරික්ෂා කිරීමේදී ඔහුගේ සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,100ක් සහ අතින් දරාගෙන සිටි පෙට්ටිය තුළ මල්පෙති 5,000ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය සඳහන් කරයි.