පොතුවිල් සහ ආරුගම්බේ ඉඩම් ඊශ්‍රායල ජාතිකයන්ට සින්න වන බවට චෝදනා
පොතුවිල් සහ ආරුගම්බේ වැනි ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන්ට අයත් ඉඩම් ඊශ්‍රායල ජාතිකයන්ට සින්න වෙමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඊශ්‍රායල ජාතිකයන් විසින් මෙම ප්‍රදේශවල ආපනශාලා ආරම්භ කර ඇති නමුත්, එම ස්ථානවලට යාමට හැකියාව ඇත්තේ විදේශිකයන්ට පමණක් බවයි.
සංචාරක වීසාවල වලංගු කාලය ඉක්මවා ගිය ඊශ්‍රායල ජාතිකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බවත්, මේ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගන්නා බවත්, එපමණක් නොව රජය විසින් දැන් නොමිලේ වීසා ලබාදීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රදේශ ඊශ්‍රායල කොලනියක් බවට පත්කිරීමට රජය ඉඩ සලසනවාද යැයි විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා රජයෙන් විමසීය.