පවතින තත්ත්වය මත තැපැල් කටයුතුවල වෙනසක් ගැන විශේෂ දැනුම්දීමක්

Report

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන්, තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

ඒ අනුව, දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු ක්‍රියාකාරකම් දිනක් හැර දිනක් සිදු කරන අතර, සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කරනු ඇත.

මේ හේතුවෙන්, දිවයින පුරා තැපැල් වාහන මගින් සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු සඳහා යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න

තවද, මැදපෙරදිග යුද්ධ තත්ත්වය හේතුවෙන් විදෙස් තැපැල් සාමාන්‍ය ලෙස නොලැබෙන අතර, මෙරටින් පිටත්ව යන තැපෑල්ද දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බව සඳහන් කෙරේ.

කෙසේ වෙතත්, තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා හැර සෑම දිනයකදීම සිදු වන අතර, පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ ලබා දීමේ හැකියාව පවතින බව ඒ මහතා අවධාරණය කළේය.