යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න
නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් 19 වන දින මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ නගරයේ ඉදි කරන ලද " සිරිසඳ සෙවන" නිවාස සංකීර්ණයේ නිවාස 22 ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22 ක් වෙනුවෙන් 2014 වර්ෂයේ දී වෙන්කර දීමේ දුෂණ චෝදනාව මතයි.
එසේම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත කොළඹ නගරය තුළ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද "නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය" යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇති බව සඳහන්.