වරාය නගරයට ඩොලර් බිලියන 2.1ක ආයෝජනයක්

Report

නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් සමඟ කොළඹ වරාය නගරය තුළ මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක ආයෝජනයන් තහවුරු වී අවසන් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි වසර 5 සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක ආයෝජන ලබා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි.

ඉදිරි පැය 36 ඇතුළත කාලගුණය වෙනස් වන හැටි- වැසි සහ තද සුළං ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

ඉදිරි පැය 36 ඇතුළත කාලගුණය වෙනස් වන හැටි- වැසි සහ තද සුළං ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

එම ඉලක්කය සපුරා ගැනීමේ ආරම්භයක් ලෙස දැවැන්ත නිවාස ව්‍යාපෘති දෙකක්, නවීන පන්නයේ හෝටලයක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ සංවර්ධන කටයුතු මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

වරාය නගරයේ පැවැති අත්තනෝමතික බදු පහසුකම් ලෝක සම්මතයන්ට අනුකූලව සහ ආයෝජන ආකර්ෂණය නොගිලිහෙන පරිදි වෙනස් කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රාථමික ආයෝජන සඳහා වසර 15 සිට 23 දක්වා බදු සහන ද, ද්විතීයික ආයෝජන සඳහා වසර 4 ක අඩු බදු ප්‍රතිශතයක් ද හිමිවන නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

මුළු ලංකාවටම වලංගු පරිදි මීට සුළු මොහොතකට කලින් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

මුළු ලංකාවටම වලංගු පරිදි මීට සුළු මොහොතකට කලින් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

පසුගිය සතියේ පැවැති ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේදී ද ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙස වරාය නගරය හඳුන්වා දුන් බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සියලු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලැබෙන ආයෝජනවලට අමතරව ලැබෙන ඒවා බවත්, ආයෝජකයින් උදෙසා ස්ථාවර සහ විශ්වාසනීය ආර්ථික පරිසරයක් ගොඩනගමින් පවතින බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.