“අයියෝ බබා.. ඔයා ඔයාගේ බ්‍රා එක ආයෙ දාන්න ඕනි නෑ...”සුප්‍රසිද්ධ නිවේදකයෙකු තරුණියකට කළ දෙයක වීඩියෝවක් එළියට..අන්තර්ජාලය කළඹයි.(VIDEO)
Tim Westwood කියන්නෙ බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ඩීජේ ශිල්පියෙකු වන අතර, ඔහු ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයෙකු ලෙස ද කටයුතු කරනවා.
කෙසේ වෙතත් මේ වන විට මේ සුප්‍රසිද්ධ පුද්ගලයාට අපචාර චෝදනා රැසක්ම එල්ලව ඇති බවට ඩේලිමේල් තොරතුරු වාර්තා කරනවා.
Tim Westwood නම් 64 හැවිරිදි නිවේදන ශිල්පියා, වේදිකාවක් මතදී කාන්තාවක් අපහසුතාවයට පත් කර ඇති අතර, එහි වීඩියෝ දර්ශන ද මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
“අයියෝ බබා.. ඔයා ඔයාගේ උඩුකය ඇඳුම (බ්‍රා එක) ආයෙ දාන්න ඕනි නෑ...” ලෙස මෙම ඩීජේ ශිල්පියා කියන අයුරුද වීඩියෝවේ දැක්වෙනවා.
“මම ඔබේ රාක්කයට කැමතියි...ඒක ඇත්තක්ද ?”
මෙම සුපිරි තරුවට මෙවැනි ලිංගික අපචාර එල්ල වූ පළවැනි අවස්ථාව මෙය නොවන අතර, මින් පෙර 2017 වර්ෂයේදී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු නොමනා ලෙස හැසිර තිබෙනවා.
කාන්තාවන් තිදෙනෙකු විසින් ඔහුට අනවශ්‍ය ලිංගික හැසිරීම් ගැන චෝදනා කර ඇති අතර, තවත් හතර දෙනෙකු ඔවුන්ගේ පතුල් සහ පියයුරු ඇල්ලූ බවටත් චෝදනා නඟා තිබෙනවා.
2000 වර්ෂයේ තම පියයුරු ඔහු ස්පර්ශ කළ බවට චෝදනා කළ කාන්තාව එය කියා ඇත්තේ “තමන්ට හීතල සහ අපිරිසිදු හැඟීමක්” එම මොහොතේ ඇති වූ බවයි.
කෙසේ වෙතත්, Tim Westwood නම් මේ චෝදනා එක හෙළා ප්‍රතික්ෂේප කරනවා.
ඔහු පවසන්නෙ මෙම කාන්තාවන් කරන චෝදනා සැලසුම් සහගත ඒවා මිසක් සත්‍ය ඒවා නොවන බවයි.
මේ වන විට අන්වර්ථ නාම භාවිතා කරන කාන්තාවන් රැසක්ම ඔහු වෙත චෝදනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාල වීඩියෝව පහතින් නරඹන්න.
By සෑම්
Dailymail ඇසුරිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |