"අවුරුදු 7කට කලින් දීපු පොරොන්දුව අද මම ඉෂ්ඨ කළා" - ජනප්‍රිය නිවේදක තරිඳු වෙල්හේනගේ යුග දිවියට

Report

තරිදු වෙල්හේනගේ කියන්නේ ලංකාවම දන්න නිවේදකයෙක්නේ.

 ගොඩක් දෙනෙක්ගේ මංගල උත්සව වලට ගිහින් නිවේදනය කරලා රටටම කියපු තරිදුගේ විවාහ උත්සවය තිබුණා . බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගෙන් පිරුණු මේ මංගල උත්සවය ගැන හැමෝම කතා කළා.

ගොඩක් දෙනෙක්ගේ ලස්සනම හීනයක් තමයි මංගල උත්සවයක් කියන්නේ .

ඉතිං ගොඩක් අය ආදරේ කරන නිවේදනයන් පෙළහරපාන තරිදුත් හරි ලස්සනට විවාහ උත්සවය සමරලා තිබුණා

ඉතිං ඔහු තම අවුරුදු හතක ආදරණීය ප්‍රේම කතාව ගැන හරි අපූරු සටහනක්   එකතු කරලා තිබුණා

වුරුදු 7 කට කලින් ඔයාට වුන පොරොන්දුව අද මම ඉෂ්ඨ කලා ❤️

මගේ සුදුමැණික අද ඔයා ලස්සන මනාලියක්. ජිවිතේ අපි දෙන්නා දැකපු ඒ ලස්සන හීනය හැබෑවුනා. අවුරුදු 7 කට කලින් ඔයා මගේ ජිවිතයට ඇවිත් මගේ හීන දිනන්න මට උදව් කලා. අපි දෙන්නා හරිම ලස්සන ගමනක් ආවා මැණික. ආදරයෙන් ජිවිතය දිනමු ඉස්සරහට.මම දැන් ඔයාගේ ආදරණීය සැමියා තරිඳු වෙල්හේනගේ. ඔයා අද මගේ ආදරණීය බිරිද මල්කී වෙල්හේනගේ